වත්තල ප්‍රදේශයෙන් සොරකම් කළ ලොරි රථයකට කඩුවෙල උසාවිය අසලදී පොලිසියෙන් වෙඩිතබා තිබෙනවා…
මෙම ලොරි රථය පොලිස් අණ නොතකා ධාවනය කර තිබූ අතර සොරකම් කර ඇත්තේ නොරච්චෝලේ සිට එළවළු රැගෙන ආ ලොරි රථයක්…
අදාල සොරකම පිළිබඳව ලොරි රථයේ හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර තිබූ අතර වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශයන් වලදී පොලිස් අණ නොතකා මෙම ලොරි රථය ධාවනය කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ…
කඩුවෙල ප්‍රදේශයේදී කොස්වත්ත දෙසට ලොරි රථය ධාවනය කර තිබූ අතර පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් මගින් අදාල ලොරි රථය ලුහුබැඳ තිබෙනවා…
පසුව කඩුවෙල අධිකරණය ආසන්නයේදී ලොරි රථයේ රෝදවලට පොලිසිය වෙඩිතබා ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අත් බෝම්බයක් සොයාගැනීමටත් පොලිසිය සමත්ව තිබෙනවා…
පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක සැකකරුවෙක්…

















