ඒ හිනාව ඒ රංගනයට බොහෝ දෙනෙක් ආදරය කළා.. ඒත් අද ඇය නිහඬ වෙලා..
කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියක්.
1986 වසරේ සිට මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් දිනාගැනීමට සමත් වුණා.
ඇයගේ මංගල සිනමා අත්දැකීමවන්නේ 2000 වසරේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සරෝජා චිත්‍රපටයයි.
එමෙන්ම ඇයගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස ජය පිට ජය, රන් කෙවිට සහ නිදහසේ පියා ඩී.එස් දැක්විය හැකියි.
එසේම ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක්වන තිසුරි යුවනිකාගේ ආදරණීය මෑණියන්.























