BREAKING NEWS
Search

කොමිස් නැතුව වැඩ කරන්න බෑ -ඉන්ධන බෙදුම්කරුවෝ වර්ජනයක

242

ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කොළඹදී රැස්වූ ඉන්ධන බෙදුම්කරුවන් මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට එළඹ් බවත් බෙදුම්කරුවන්ගේ සියයට 3 ක කොමිස් මුදල කපාහැරීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළඹි බවත් එම නිලධාරියා කීය.

වෙනත් පුවත්

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරනවා

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ජාතිවාදය පට්ට ගහලා බොරු වැපිරූ අය දැන් පාර්ලිමේන්තුවේ බොරු කීම නතර කරමු ලු. අපි ඒකට එකඟයි.ජාතික ආරක්ෂාව  ගැන විපක්ෂයේ උදවිය ඉතා සංවේදීව කරුණු දක්වනවා. අප පාස්කු ප්‍රහාරය පියවරින් පියවර හෙළිදරව් කරමින් සිටිනවා.ඒක එක දවසින් හෙළි වන්නේ නැහැ.පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව්ව අප විසින් කරනවා.අප රටේ පාතාලය හා මත්ද්‍රව්‍ය එකිනෙකට සම්බන්ධයි.
එමෙන්ම දේශපාලනයත් සම්බන්ධයි.කුඩු වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත් වූ විට දැන් ඔය කුඩු ගැන කතා කරන මන්ත්‍රීවරයාගේ  තාත්තා  ගිහින් ඒ මන්ත්‍රීවරයා බදා ගත්තා. පාතාලයේ කුඩු ජාවාරමේ දේශපාලන හිස දැන් ගලවා දමා තිබෙනවා.පියවරෙන් පියවර සියලු ප්‍රශ්න විසඳීමට අප මැදිහත් වෙමින් තිබෙනවා.

ආපදාවට පෙර එය කළමනාකරණයට මැදිහත්වීම සඳහා අප රජය අවධානය යොමු කර තිබෙනවා.ආපදා කළමනාකරණය කියන්නේ ගංවතුරක් ඇති වූ විට කෑම ටිකක් බෙදන එක විතරක් නෙමෙයි.ආපදා කමිටු නැවත ප්‍රතිසංවිධාන කිරීම ද අප අරඹා තිබෙනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *