BREAKING NEWS
Search

ලාෆ් ගෑස් මිල වෙනස් වීම ගැන ගත් තීරණය මෙන්න

699

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මාර්තු මස වෙනස් නොවන බව  ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

ඒ අනුව ලාෆ් ගෑස්  පෙබරවාරි මස පැවති මිලම තවදුරටත් පවතින බව ද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

උද්ධමනය තවත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය.

(කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට  -4.2ක් දක්වා අඩු වී ඇති බවත්  එය පසුගිය ජනවාරි මාසයේ සියයට -4.0 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -0.2 දක්වා  වැඩි වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -2.6% ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

පෙබරවාරි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට  -6.1ක් දක්වා අඩු වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -4.7 ක් ලෙස වාර්තා වූ බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *