BREAKING NEWS
Search

සා.පෙළ විභාගය ගැන දැනුම්දීමක්…

960

අ.පො.ස.සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 දින ආරම්භ කර මාර්තු 26 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසලේ විදුහල්පති වෙතද පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ප්‍රවේශපත්‍ර නොලැබුනු අයට මාර්තු 07 දා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තම ප්‍රවේශපත්‍රය බාගත කර ගැනිමට පහසුකම් සලසා ඇති බවත් ප්‍රවේශපත්‍රවල විෂය,මාධ්‍ය හා නාම සංශෝධන කිරීමට අවශ්‍යනම් එය මාර්තු 10 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට සිදුකර ගත යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව පවසනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *