මෙන්න මේ අයගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 7කින් වැඩිකරලා – පාර්ලිමේන්තුවේදී හෙළි වූ දේ

1081

මෙරට ආරක්ෂක අංශයේ නියුතු කාන්තාවන්ගේ සේවා කාලය දීර්ඝ කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් සම්බන්ධව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (28) පාර්ලිමේන්තුවේදී හෙළි කරනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ ගැසට් නිවේදනය මගින් අවුරුදු 15ක් සේවය කළ යුතුව තිබූ සෙබළියන්ගේ සේවා කාලය තවත් අවුරුදු 07කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවය.

අදාළ සේවා කාලය දීර්ඝ කිරීමෙන් අදාළ සෙබළියන්ට අසාධාරණයක් සිදුව ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

“තමුන්නාන්සේලා අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා හමුදාවේ කාන්තාවන් මෙච්චරකල් වැඩ කරලා තියෙන්නේ අවුරුදු 15යි. අවුරුදු 15ක් වැඩ කළාම ඒ අය විශ්‍රාම ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ පිරිමි අවුරුදු 22ක් වැඩ කරන්න ඕනේ කාන්තාවන් අවුරුදු 15ක් තිබුණ එක දැන් 22ක් කරලා.

එතකොට දැන් අවුරුදු 15කින් විශ්‍රාම ගිය කාන්තාවෝ හමුදාවේ වැඩ කරලා දැන් තවත් අවුරුදු 7ක් අවුරුදු 55ක් පනිනකන් හමුදාවේ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ නීතිය මේ රටේ කාන්තාවන්ට, වැඩකරපු අයට කරපු යම්කිසි විදිහේ අසාධාරණයක් කියලායි මම කල්පනා කරන්නේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *