දැරියට මරු කැදවූ වෙඩික්කරුට සිදු වූ දේ

725

හෙට්ටිපොල මගුලම ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී ඌරන් දඩයමේ ගිය පුද්ගලයකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 09 හැවිරිදි දැරියක් සහ මිත්තණයට තුවාල සිදු වීම සම්බන්ධයෙන් 48 හැවිරිදි එම වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබූ බෝර 12 ගිනි අවියක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

වෙනත් පුවත්

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ඇල්ලූ 3ක් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට උසාවියෙන් අවසර

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් තිදෙනකු දින 90 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කේ.එච්. නවෝදා මහත්මිය ඊයේ (27) පොලිසියට අවසර දුන්නාය. ඒ එම සැකකරුවන් වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුවය.

මෙලෙස දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර දුන්නේ හීන්බුන්න, හකුරුවෙල පදිංචි කොඩිතුවක්කු බදනගේ ප්‍රභාත් තුෂාර නොහොත් සිඟිති කළුවා, තිහගොඩවත්ත, බෝවල, වලස්මුල්ල පදිංචි මුලටියනගේ ජීවන් ප්‍රසාද් කුමාර නොහොත් ජීවන් හා මනම්පේරි නිවස, ජූලම්පිටිය, මිද්දෙණිය පදිංචි විජේවික්‍රම මනම්පේරිගේ රුවන් කුමාර නොහොත් නේවි රුවන් නමැති සැකකරුවන් තිදෙනාය.

මීට අමතරව මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ මූලික ප්‍රශ්න කිරීමේදී මෙම ත්‍රිත්ව ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසිය සමත්ව තිබේ.

පසුගිය 18දා සිදු වූ එම වෙඩි ප්‍රහාරයෙන් මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචි අරුණ විදානගමගේ නොහොත් මිද්දෙණියේ කජ්ජා නමැත්තා සහ ඔහුගේ හය හැවිරිදි දියණියත්, අට හැවිරිදි පුතුත් මියගියහ. වෙඩි ප්‍රහාරයෙන් 39 හැවිරිදි කජ්ජා එම ස්ථානයේදීම මියගිය අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හය හැවිරිදි විදානගමගේ සචිනි අහංසා හා 08 හැවිරිදි විදානගමගේ කළිදු අමිස් මූලික ප්‍රතිකාර සඳහා වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරිණි. පසුව 06 හැවිරිදි දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලටත්, 08 හැවිරිදි පුත්‍රයා ඇඹිලිපිටිය මූලික රෝහලටත් ඇතුළත් කෙරුණු අතර තංගල්ල මූලික රෝහලේදී දියණිය මියගියාය. ඇඹිලිපිටිය මූලික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටි පුත්‍රයාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා 19 දා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැව්වත් එදිනම සවස ඔහු ද මියගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කළ අතර මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවෝ හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මත්තල – දිලීප් එන්. ජයසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *