BREAKING NEWS
Search

කජ්ජා එලොව යවන්න බැකෝ සමන් එතෙර සිට දුන්න ගේම සුල මුල ගැන ඇස් උඩයන හෙළිදරව්වක්

1427

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දිනය 2025 පෙබරවාරි 18 වැනිදා..
මුළු රටක් කම්පා කළ වෙඩි තැබීමක් මිද්දෙනිය ගල්පොත්තයාය හන්දි අසලදී සිදුවුණා….එම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා දියණිය හා පුතු කුරිරු ලෙස ඝාතනය වුණා… යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මේ බිහිසුණු වෙඩි තැබීම සිදුකර තිබුණා…

මුළු රටක් හැඬවූ මේ අහස පොළොව නුහුලන අපරාදේ අග මුල සොයාගැනීමටත් එම අපරාධය සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හැකි වූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් හා එක්ව සිදු කළ දක්ෂ විමර්ශනයක ප්‍රතිඵලයක් විදිහටයි….

හරි අපි යමු කතාවේ මුලට….මිද්දෙණිය ගල්පොත්තෙ අය හන්දිය අසල එදා මෙම වෙඩි තැබීම් සිදුව තිබුණේ. රාත්‍රී දහයටපමණ…මෙම වෙඩි තැබීමේ ඉලක්කය වී තිබුණේ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා..

මෙම බිහිසුණු වෙඩි ප්‍රහාරයෙන් කජ්ජා එම ස්ථානයේදීම මිය ගියා..

හයක් හතරක් නොදත්…අහිංසක පුංචි දරු දෙදෙනා බරපතල තුවාල ලැබීමෙන් රෝහල්ගතකිරීමෙන් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා…

කජ්ජා තිදරුපියෙක්…ඔහු මිද්දෙනිය වෙන්දේසි වත්තේ පදිංචිකරුවෙක්…ඔහුගේ බිරිඳ මේ වනවිට විදෙස්ගතවයි සිටියේ…

මේ හින්දා ඔහුගේ දරුත් තිදෙනා බලා කියාගත්තෙ ඔහුගේ සහෝදරිය…

පසුගිය 18 වැනිදා බිහිසුණු රාත්‍රියේ ඔහුගේ පුංචි දියණියත් පොඩි පුතුත

“අනේ තාත්තේ අපි ෆ්‍රයිඩ්රයිස් කමු ” කියමින් පෙරැත්ත කොට තිබෙනවා..

දරුවන්ගේ ආශාව ඉෂ්ට කිරීම සඳහා කජ්ජා තම දරු තිදෙනා සමගින් යතුරුපැදියකින් ගොස් වැඩිමහල් පුතාව රයිස් ඇනවුම් කරන හෝටලේ රඳවා තිබෙනවා….

ඒ රයිස් පාර්සලය සමඟින් සමඟින් තම ලොකු පුතාව නිවසට ඇරලවන්න කියලා තම මිතුරෙකුට දැනුම් දීමෙන් පසුවයි….

කජ්ජා ඝාතනයට ලක්වන්නේ ඉන් අනතුරුවයි….

මේ බිහිසුණු ඝාතනයේ සුල මුල සොයා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම ඝාතනය සම්බන්ධීකරණය කළ ප්‍රධාන සැකකරුවකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබුණා…

මෙම බිහිසුණු ඝාතනය හරක් කතාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මේ වනවිට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන නැදුම් ගොඩගේ නිර්මල නොහොත් බැකෝ සමන් නැමැත්තාගේ මෙහෙයවීම මත සිදුව ඇතැයි අනාවරණය වී ඇත්තේ බැකෝ සමන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන වක්‍රමුල්ල තිහ ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි මනෝජ් ප්‍රසාද් කුමාර නොහොත් ජීවන් නැමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව බවයි තොරතුරු වාර්තා වෙන්නේ….

මිද්දෙණිය උලහිටියාවේ පදිංචිකරුවකු වූ බැකෝ සමන්ගෙන් කජ්ජාට මීට වසර දෙකහමාරක පෙර සිටම මරණ තර්ජන එල්ල වී තිබෙනවා… ඊට හේතුව වී ඇත්තේ බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි තිස් අටකට අධික වටිනාකම් ඇති හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 38ක් පොලිසියට හසුකර දීමේ ඔත්තුව කජ්ජා විසින් ලබාදී ඇති බවට සැක කිරීමත් බව පොලිසිය ප්‍රකාශ කරනවා…

මෙම මත්කුඩු තොගය ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණේ පසුගිය 2022 වසරේදී… ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට මෙම මත්ද්‍රව්‍ය නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා විසින් මුහුදු මාර්ගයෙන් එවන ලද ඒවා බවත් එම මත්ද්‍රව්‍යවල හිමිකරු බැකෝ සමන් නමැත්තා බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා…

බැකෝ සමන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට තුළ සිදුකරන ජීවන් නමැත්තාද මේ හේතුවෙන් කජ්ජා සමගින් සිට ඇත්තේ සෑහෙන්න වෛරයකින්…

එවන් පසුබිමක මීට මාසයකට ඉහතදී සමන් විසින් එවන ලද ජාවාරම් සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකහමාරක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා… ඒ සඳහා ඔත්තුව ලබාදුන් බවටද චෝදනා එල්ල වී තිබුණේ කජ්ජාට…

මෙවන් පසුබිමක බැකෝ සමන් තම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හූනියමක්ව සිටින කජ්ජා නමැත්තා ඝාතනය කරලීමට සැලසුමක් යෙදුවා….

ඒ වෙනුවෙන් විශාල වගකීමක් ලබාදී තිබුණේ ජීවන්ට…

ජීවන්ට පැවරී ඇති වගකීම වූයේ කජ්ජා ලුහුබඳිමින් ඔහු යන එන තැන් ගැන විමසිලිවෙමින් තමන්ට තොරතුරු සැපයීම….

ජීවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තවත් පුද්ගලයකු වූයේ ඉෂාන් චමින්ද ජයසිංහ නොහොත් බණ්ඩා … බණ්ඩාත් සිය හිතවතුන් යොදමින් කජ්ජා යන එන තැන් ගැන සෙවීමට පටන්ගෙන තිබෙනවා… විශේෂයෙන් මොවුන් මිද්දෙණිය හා ආසන්න ප්‍රදේශවල සෑම මළගෙදරකම කරක් ගසා ඇත්තේ ඒ මළගෙදරකට බූරු ගැසීමට කජ්ජා පැමිණෙනවා දැයි සොයා ගැනීමටයි…

අරුණ නොහොත් කජ්ජා පුරුද්දක් ලෙස මළගෙවල්වල ගමන් කිරීම සිරිතක් වී ඇත්තේ බූරු ගැසීමටයි…

මළ ගෙවල් නැතත් සිංහල දෙමළ අලුත් අවුරුද්දට හෝ වෙනත් දිනවල බූරු මණ්ඩිවලට ගොස් බූරු ගැසීමටද ඔහු කටයුතු කර ඇති බව ගම්වාසීන්ම දන්නා රහසක්….

ඇතැම් අවස්ථාවල මාංචු දමා පුද්ගලයන් බියවද්දා මුදල් කොල්ලකෑම් ද මොහු විසින් සිදුකර ඇති බවට වාර්තා වන බවත් ඇතැම් අපරාධ ද මොහු විසින් සිදුකර ඇති බවත් පැවසෙනවා….

එහෙත් කලක පටන් ඔහු වැරැදි ක්‍රියාවල නිරත නොවී ඇති බවත් නිර්ධනයන්ට උදව් උපකාර කරමින් සිට ඇති බවත් මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් අතරේ දැඩි ආදරයක් ඔහු කෙරෙහි ගොඩනැගී තිබූ බවත් ගම්වාසීහු කියා සිටියා…

පසුගිය 18 වැනිදා රාත්‍රියේ බණ්ඩා නමැත්තාගේ මිත්තණිය මියගොස් වසරක් සපිරීම නිමිත්තෙන් බණ දේශනාවක් සිදුව තිබෙනවා… මෙදින මෙම නිවසට ජීවන් ඇතුළු බණ්ඩාගේ හිතවතුන් ද පැමිණ තිබෙනවා… එම බණ පිංකම සඳහා බණ්ඩාගේ බාල සහෝදරයාද මෙදින කොළඹ සිට පැමිණ තිබෙනවා…

මල්ලි, ජීවන් අයියා එක්ක ගිහිල්ලා සිගරැට් ටිකක් අරන් වරෙන්. අයියා පිටිපස්සේ යයි උඹ බයික් එක පැදපං යනුවෙන් බණ්ඩා තම බාල සහෝදරයාගෙන් ඉල්ලීමක් කරලා…

ඒ ඉල්ලීමට අනුව බණ්ඩාගේ බාල සහෝදරයා ජීවන් සමගින් යතුරුපැදියෙන් ගමන් කර තිබුණේ සිගරැට් මිලදී ගත හැකි කඩවල් කිහිපයක්ම පසුකරය. ජීවන් වට්ස්ඇප් සමූහ දුරකථන ඇමතුමකට සම්බන්ධ වෙමින් වීරකැටිය මිද්දෙණිය ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කළ බවත් දුරකථන ඇමතුමේ සිටි පිරිස් මිද්දෙණිය සති පොළ හා ක්‍රීඩාංගණය වැනි ස්ථානවල සිටින බව පවසනු ඇසුණු බවත් බණ්ඩා නමැත්තාගේ බාල සහෝදරයා ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රශ්න කිරීම්වලදී කියූ බවයි වාර්තා වෙන්නේ…

පොලිසිය සැක කරන්නේ මෙම ඝාතනය මෙදින සිදුවීමට පෙර බැකෝ සමන්, ජීවන් මෙන්ම වෙඩික්කරුවන් ඇතුළු අපරාධයට සම්බන්ධ පිරිස් එකම ඇමතුමෙන්ම කතා බස් කර ඇති බවයි… මේ බව සැකකාර ජීවන් නමැත්තාගේ ප්‍රකාශ මගින් ද තහවුරු වී තිබෙන බවද පොලිසිය ප්‍රකාශ කරා… .

මෙම ඝාතනයට වෙඩික්කරුවන් පිටින් ගෙන්වාගෙන අපරාධය සිදුකර ඇතැයි සැකකරන බවත් වෙඩික්කරුවන් සම්බන්ධ මෙහෙයවීම බැකෝ සමන් නමැත්තා විසින් එතෙර සිටිමින් සිදුකර ඇති බවත් ජීවන් නමැත්තාත් සෙසු සැකකරුවනුත් සිදුකර ඇත්තේ කජ්ජා නමැත්තා ලුහුබැඳීම, ඔහු ගැන තොරතුරු යාවත්කාලීන කිරීම පමණක් බවත් පොලිසිය කියා සිටිනවා…

එසේම මෙම ඝාතනයට අදාළව තංගල්ල පොලිසියේ කොස්තාපල්වරයකුද අත්අඩංගුවට ගෙන ඇත්තේ කජ්ජා නමැත්තා ඝාතනය වූ ස්ථානයේ තිබී සොයාගත් මාංචු කුට්ටම ගැන කළ විමර්ශන මගින්. මෙම පොලිස් කොස්තාපල්වරයා කජ්ජාගේ සමීපතමයකු බවත් ඔහු විසින් කජ්ජාට මෙම මාංචු කුට්ටම ලබාදී ඇති බවත් පොලිසිය පවසනවා….

පොලිසිය සැකකරන්නේ මෙම කොස්තාපල්වරයා ද ඝාතනය මෙහෙයවූ කණ්ඩායමට තොරතුරු ලබාදී ඇති බවයි… ඊට හේතු වී ඇත්තේද කජ්ජා ඝාතනය වූ දිනයේදී හා ආසන්න දිනවලදී වැඩි වශයෙන් කජ්ජා ගැන පුද්ගලික තොරතුරුද විමසීමයි…

මේ අතර මෙම ඝාතන ත්‍රිත්වයට අදාළව ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනකු වන සිඟිති කළු සහ නේවි රුවන් නමැති සැකකරුවන්ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් එක් සැකකරුවකු කාලයකට පෙර සිදුවූ වෙඩිතැබීමක යතුරුපැදිකරුවකු වන බවද පොලිසිය කියා සිටියා…

කෙසේ වෙතත් මෙම ඝාතන ත්‍රිත්වයම සිදුකළ වෙඩික්කරු හෝ යතුරුපැදිකරු ගැන තවමත් නිශ්චිත තොරතුරක් නොමැති අතර දුරකතන දත්ත විශ්ලේෂණ, ආරක්ෂිත කැමරා දර්ශන මෙන්ම සැකකරුවන්ගේ ප්‍රකාශ හරහා පොලිස් නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරනවා…

අරුණ පුවත්පත ඇසුරින්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *