රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් ජනාධිපතිවරයා නිකුත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.
වෙනත් පුවත්
කෘතිම පාදයේ සඟවා හෙරොයින් ජාවාරම් කරලා
කෘතිම පාදයේ සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම සැකකරු කෘතිම පාදයේ සඟවා තිබූ හොරයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන ඇත.
දකුණු පාදයට කෘතිම පාදයක් සවිකල හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි
ඒ අනුව ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස කරා පැමිණෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් වහා ක්‍රියාත්මක වී හෝමාගම මුණසිංහගම හන්දිය ප්‍රදේශයේ රැකවල්ලා පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කෘතිම පාදයේ පහළට නෙරා ඇති කුහරය තුළ සඟවා තිබූ මත්කුඩු මුල සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.


















