BREAKING NEWS
Search

සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන

781

මල් ශාලාවේ තැන්පත් කර තිබූ මෘත දේහයට ගරු බුහුමන් දැක්වීමට ගිය අයකුට ජීවිතයේ කවදාවත්ම මුහුණදීමට සිදු නොවූ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.

හේ කන බොන අයෙකි. එදා මල් ශාලාවේ තැන්පත් කර තිබූ හිතවතකුගේ දේහයට ගරු බුහුමන් දැක්වීමට ගියේ රෑ හතට පමණය. එතනදී කට්ටිය සෙට්වුණේ අඩියක් පුඩියක් ගැසීමටය. ඒ සඳහා ඔවුහු අල්ලපු නිවසකට ගියහ. ඔහුද මේ සඳහා දායක වූවේය. කට්ටිය දෙකක් දාගන්නා විට ඔහු හතරක් දාගෙන අවසන්ය. දැන් ඔහුට වැඩිය. අවසානයේදී තීරණය වූයේ මෘත දේහය තැන්පත් කළ මල් ශාලාවට යාමටය.

ඔහු දේහය ළඟය. පුටුවක වාඩිවී සිටියේ සොටු සූරා හඬා වැලපෙමිනි. රෑ නවය දහය වන විට ඔහු දේහය ආසන්නයේ බිම නිදිය. ඒ හොඳ සිහියෙන් නම් නොවේ. හොඳටම නින්දේය. ගොරව ගොරවා නිදිය. මල් ශාලාව වැසීමට දැන් කාලය හරිය. ඔහුව කූද්දලා නිවසට ඇරලවන්න උත්සාහ කළත් එය නිශ්ඵල වූයේ ගඟට කැපූ ඉනි මෙන්ය. මල් ශාලාවේ සේවකයෝ ද ඔහු කුදලන්න උත්සාහ කළහ. ඔහුව නැගිටවන්න කිසිවකුටත් බැරි විය. ඔහු එළියට ඇද දමා යාමට ද නොහැකිය.

ඔහුගේ මිතුරන් කීවේ ඔහුට වැඩිවූ විට ඇහැරවීමට ශක්‍රයාටවත් බැරි බවය. ඔහු ආයෙමත් නැගිටින්නේ උදේට බවද සමහරු කීහ. ඒ නිසා අවසානයේදී තීරණය වූයේ ඔහුව නිදාගෙන ඉන්නා තැනම නිදාගෙන ඉඳීමට ඉඩ දී මල් ශාලාව වසා දමා යාමටය. ඒ අනුව මල් ශාලාව වසා දැමිණ. ඔහු දැන් මල් ශාලාව තුළ දේහය අසලය.

අඩි පුඩියේ තරම නිසාම ඔහුට ඇහැරුණේ මූත්‍ර බරටය. ඇහැරුණු ගමන් දැක්කේ මළ මිනියය. ඔහු සිතුවේ මෙය හීනයක් බවය. දෑස් පිහදා බැලු‍වේය. ඔහුට දෙවියන් බුදුන් සිහි විය. මිනී පෙට්ටියේ සිටි කෙනා එයින් නැගිට තමා දිහා බලා සිටින බවට මනසට පෙනුණේය. මහ හයියෙන් හිනා වන හඬ ද ඇසුණේය. හැදුණු මූත්‍ර බර කලිසමේම පහව ගියේය. මල් ශාලාවේ දොර ද වසා තිබුණේය. හොඳ වෙලාවට යතුර දොරේය. රෑ කණ පැලෙන්න බිව් ඔහුගේ වෙරි හිඳී ගියේය. මල් ශාලාවේ දොර ඇරගත් ඔහු නිවස බලා දුව ගොස් ඇත්තේ ඉතිපිසෝ ගාථාව මහ හයියෙන් කියමින්ලු‍.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *