එම අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා මහව රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනෙක් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර, අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ ඇස්වත්ත පාලම අසලදී ඊයේ අවිස්සාවේල්ල දෙස සිට කොස්ගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය පෙරලී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී (26) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුයි මියගොස් ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වූ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබානවා.
තවද බඩල්ගම පොලිස් වසමේ මඩම්පැල්ල කොච්චිකඩේ මාර්ගයේ හල්පේ ප්‍රදේශයේදී මඩම්පැල්ල දෙස සිට කොච්චිකඩේ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් ගමන් ගත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී තිබුණා.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි පිටුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අකරගම රෝහලට ඇතුළත් කිරීමේදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 36ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය අකරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


















