රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇති ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරාගේ බැංකු ගිණුමකට එම ඝාතනය මෙහෙයවූ කෙසෙල්බද්දර පද්මේ විසින් රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බව හෙළි වී තිබෙනවා.
ඒ අදාළ ඝාතනය සිදු වූ පසුගිය 19 වැනිදාට පසුවයි.
එමෙන්ම අදාළ සැකකාර කාන්තාව ඝාතනයෙන් පසුව කලුතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටද අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව පසුගිය 19 වැනිදා ජීවිතක්ෂයට පත් වුණේ නීතිඥවරයෙකු ලෙස වෙස් වළාගත් පුද්ගලයෙකු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේදී කළ වෙඩි තැබීමකින්.
එම ඝාතනය සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇත්තේ දැනට සැඟවී සිටින 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාවයි.
මේවන විට ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කෙරෙන අතර ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේවන විට අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරින් සමත් වී තිබෙනවා.
අනතුරුව සැකකාර ඉෂාරා සෙව්වන්දි සහ වෙඩික්කරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණ ඇති බවයි සී.සී.ටී.වි දර්ශන ඔස්සේ කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.
එම කුලී රථ රියැදුරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
රියැදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ සැකකාර කාන්තාව බැංකුවට ගිය අවස්ථාවේ වෙඩික්කරු ලෙස කටයුතු කළ කමාන්ඩෝ සමිඳු රථයේ සිට ඇති අතර ඔහු තමාට දුම්වැටියක්ද ලබා දුන් බවයි.
ඉෂාරා සෙව්වන්දි සහ කමාන්ඩෝ සමිඳු එම කුලී රථ රියැදුරු සමග සුහදව කතාබස් කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිගේ මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා කඩුවෙලට යන බවයි ඔවුන් පවසා තිබෙන්නේ.
එමෙන්ම මෙම ඝාතනය මෙහෙයවූ අපරාධ කල්ලි නායක කෙසෙල්බද්දර පද්මේ ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසුව දැනට අත්අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරාගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.
ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණයේදී ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබුණු බවට මීට පෙර වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන්ද සැකකාර ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා දැනුවත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක ගිනි අවියක හැඩයට පිටු කපා ඒ තුළ ගනේමුල්ලේ සංජීව ඝාතනයට යොදා ගත් ගිනි අවිය සඟවාගෙන අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අතර අදාළ ගිනි අවිය එලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක සඟවා ඇත්තේ මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර ,අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා නිසා ඉෂාර සෙව්වන්දිගේ මව සහ සොහොයුරා පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කලා.
සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරනයෙන් අවසර අයද සිටි අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකරුවන් මාර්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

















