ප්‍රවීණ රංගන ශිල්පියෙකු දිවි රඟමඩලට සමුදෙයි!

7547

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද පස්වරුවේ වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කඩඉම ටෙලි නාට්‍යයෙන් ටෙලි තිරයට එන විට්ටච්චි මහතා සිනමාව වේදිකාව යන කේෂත්‍ර තුනේම යුග ගණනාවක අද්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙක්.

අංග රචනා ශිල්පියෙකු ලෙස ඔහු තුළ ඇති ප්‍රතිරූපයට නොදෙවෙනි ප්‍රතිරූපයක් රංගන කාර්ය සඳහාද හිමි කරගෙන ඇති ඔහු කලා තුරකින් දැකිය හැකි මානවීය ගුණයන් සහිත කලා ශිල්පියෙක් බව පැවසිය යුතුයි.

තාරා දේවී, බුමුතුරුණු , වැනි ටෙලිනාට්‍ය වල එතුමා කල චරිත අදටත් මතකයේ රැදී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *