රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ මේ මහා අපරාධයේ මහමොලකාරියක් ල්‍රෙඩ මේ වන විට ඇයව හඳුනාගැනීමත් සමඟයි..
එම කුලී රථ හිමිකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා..
රියැදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ සැකකාර කාන්තාව බැංකුවට ගිය අවස්ථාවේ වෙඩික්කරු ලෙස කටයුතු කළ කමාන්ඩෝ සමිඳු රථයේ සිට ඇති අතර ඔහු තමාට දුම්වැටියක්ද ලබා දුන් බවයි..
ඉෂාරා සෙව්වන්දි සහ කමාන්ඩෝ සමිඳු එම කුලී රථ රියැදුරු සමග සුහදව කතාබස් කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිගේ මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා කඩුවෙලට යන බවයි ඔවුන් පවසා තිබෙන්නේ..
එමෙන්ම මෙම ඝාතනය මෙහෙයවූ අපරාධ කල්ලි නායක කෙසෙල්බද්දර පද්මේ ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසුව දැනට අත් අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරාගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා..




















