BREAKING NEWS
Search

බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර

1134

සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වෙළෙද ඇමැති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

බේලී, ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ බහින්බස් වීමක් සිදුවී ඇත්තේ පසුගිය සතියේය.

එම අවස්ථාවේදී දැඩි ලෙස කෝපයට පත් වුණු බේලී, කාර්ය මණ්ඩල සාමාජිකයාගේ උරහිසට පහළින් අත තදින් අල්ලා මිරිකා ඇත. ඒ ගැන කාර්ය මණ්ඩල සේවකයා පැමිණිල්ලක් ද කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එම සිද්ධිය ගැන සමාව ඉල්ලමින්, ඒ ගැන කනගාටුව පළ කරමින් ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව නවසීලන්ත මාධ්‍ය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *