හොර ලෝයර් නෝනට ආරක්ෂාව සපයන්නේ කවුද ? ඒ ගැන ඇසෙන කතාව

2186

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සලකන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සොයා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 05ක් රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

සැකකාර ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මතුගම ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (24 වැනිදා) එම ප්‍රදේශය පුරා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

මේ අතර මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයකුට මූල්‍ය ත්‍යාග පිරිනැමීමටද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

ඉෂාරා සෙව්වන්දි නමැති මෙම කාන්තාව මෙම ප්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුන්වන කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමග සමීප ඇසුරක් පවත්වමින් සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම සමීප ඇසුර නිසාම පද්මේ නමැත්තා සැකකාර ඉෂාරා සෙව්වන්දි රටින් පිටකරගෙන ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවද පොලිසිය පවසයි.

මතුගම ශාන් නමැති පාතාල නායකයාද ඩුබායි රාජ්‍යයේ සිටින අතර, ඔහුද කෙහෙල්බද්දර පද්මේ සමග එකට සිටින බව වාර්තා වෙයි.

එම සම්බන්ධය නිසාම ශාන්ගේ පාතාල කල්ලියේ රැකවරණය ලබාගැනීම සඳහා ඉෂාරා සෙව්වන්දි මතුගම ප්‍රදේශයට ගොස් ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

නීතිඥවරියක ලෙස වෙස්ගත් මෙම කාන්තාව අධිකරණ භූමිය වෙත පැමිණ ගණේමුල්ලේ සංජීව ඝාතනයේ සියලු සැලසුම් මෙහෙයවා ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *