BREAKING NEWS
Search

බඩේ කැක්කුමට රෝහල්ගතවූ 18 හැවිරිදි සිසුවිය වැසිකිළියේදී බිළිඳකු කරයි – ඇග හිරිවැටෙන කතාවක්

1365

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මඩකලපුව ශික්ෂණ රෝහලේ ඊයේ (23දා) අලු‍යම 18 හැවිරිදි සිසුවියක වැසිකිළියක් තුළ බිළිඳකු ප්‍රසූත කර ජනේලයෙන් ඉවතට විසි කළ බවත් ප්‍රතිකාර ලබාදී බිළිඳා බේරා ගැනීමට හැකි වූ බවත් මඩකලපුව මූලස්ථාන පොලිසිය පවසයි.

සිද්ධිය වූ 23 දින අලු‍යම 3.30ට පමණ දිස්ත්‍රික්කයේ පාසැලක උසස් පෙළ හදාරන 18 හැවිරිදි ශිෂ්‍යාවක් ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පවසන පොලිසිය ඇය ගැබ්ගෙන සිට ඇති අතර බඩේ කැක්කුමක් ඇති බව පවසමින් තම ගැබ් ගැනීම සඟවා ගෙන ඇති බවත් කියයි.

පසුව අලු‍යම 5 ට පමණ සිසුවිය වැසිකිළියට ගොස් ටික වේලාවකින් ජනේලයෙන් බිළිඳෙකු ඉවතට විසි කර ඇත. බිළිඳා ජනේලයෙන් බිම වැටී කෑගැසීම ඇසුණු හෙදියන් වහා එහි ගොස් බිළිඳා රැගෙන ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් මවද ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි පවසයි. මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා කලාරංජිනී ගනේසලිංගම් මහත්මිය ප්‍රකාශ කළේ දරුවා සහ මව ආරක්ෂිතව සිටින බවයි.

මේ සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව මඩකලපුව පොලිස් මූලස්ථාන අපරාධ අංශ ස්ථානාධිපති ජී. ගජනායක මහතා පැවසීය.

මඩකලපුව සමූහ -ටී.එල්. ජව්ෆර්කාන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *