තමන් පැදවූ ත්‍රිරෝද රිය පෙරළීමෙන් ඊටම යටවී තරුණයෙකු අවාසනාවන්ත ලෙස මිය යෑමේ පුවතක් දික්වැල්ල පොලිසියෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ හේවා කලුකපුගේ හසාන් නම් 31 හැවිරිදි රදම්පල මාර්ගයේ
ඌරැගමුව වේහැල්ල මදුෂාන් නිවසේ පදිංචි තරුණයෙකි. මෙම තරුණයා රදම්පල – වලස්ගල
මාර්ගයේ රදම්පල දෙසට වලස්ගල ආසන්නයේ සිය නිවස බලා ගමන් කරමින් සිටියදී 22දා පෙ. ව. 3 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව දික්වැල්ල පොලිසිය කියයි. මාර්ගයේ තාප්පයක ගැටී දකුණු පැත්තට ඇදී ගොස් ත්‍රිරෝද රථය පෙරළී ඊටම යටවීමෙන් මරණයට පත්ව ඇති බව පරීක්ෂණයේදී හෙළිවී තිබේ.
වෙනත් ත්‍රිරෝද රථයක රියැදුරෙකුගේ දැනුම්දීම මත වලස්ගල මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ත්‍රිරෝද රථයට යටවී සිටි තරුණයා 1990 ගිලන් රථයෙන් දික්වැල්ල රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත. නමුත් රෝහල් ගත කරන විටත් තරුණයා මියගොස් සිටි බව වාර්තා වේ. රථයට යටවීමෙන් සිදුවූ හුස්ම ගැනීමේ අපහසුව නිසා මරණය සිදුව ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ.
දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි සැරයන්වරුන් වන (14450) විජේසිංහ, (45532) චමින්ද, පොලිස් කොස්තාපල්
(60806) කිංස්ලි, (106283) රශ්මිකයන නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.
දික්වැල්ල















