BREAKING NEWS
Search

අණ නොතකා ධාවනය කළ කාර් රථයකට වෙඩි

372

මාලඹේ පොලිස් වසමේ හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේදී මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 800 ක් කාර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු හා සැකකාරියක් කාර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් හා සැකකාරිය වයස අවුරුදු 33ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක්.

මෙම සැකකරු හා සැකකාරිය පැමිණි කාර් රථය නැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේදී කාර් රථය එක්වරම අධික වේගයෙන් පිටුපසට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ නිලධාරියෙකු විසින් කාර් රථයේ රෝදයකට වෙඩි තබා තිබෙනවා.

එහිදී කාර් රථය අසල විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී කාර් රථයේ රියදුරු අසුන යට සඟවා තිබියදී මෙම කේරළ ගංජා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් පදිංචිව සිටින නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝ 01ක් පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදියක් සොයාගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *