BREAKING NEWS
Search

දිස්ත්‍රික් ලේකම්ගේ සැප රිය රැගෙන ගිය පුතු කල බිහිසුණු අනතුර – වීඩියෝව මෙන්න

545
දිස්ත්රික් ලේකම්ගේ සුපිරි රිය පුතා අරන් ගිහින් ගසක වැදී බිහිසුණු අනතුරක්
අනතුර කැමරාවේ සටහන් වෙයි.
යාපනය දිස්ත්රික් ලේකම්වරයාට අයත් පෞද්ගලික වාහනය ඔහුගේ පුත්රයා විසින් රැගෙන ගොස් අද (23) අනතුරක් සිදුව තිබේ.
අධික වේගයෙන් ගමන්කර ඇති මෙම රථය, යාපනය-පලාලි මාර්ගයේ ගන්දර්මඩ හන්දිය අසලදී වේගය පාලනය කරගත නොහැකිව ගසක වැදී ඇත.
මෙම අනතුරුව හේතුවෙන් නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකටද හානි සිදුව තිබේ.
අනතුරින් වාහනය පැදවූ දිස්ත්රික් ලේකම්වරයාගේ පුත්රයා සුළු තුවාල ලබා ඇති අතර, ඉදිරිපස අසුනේ සිටි ඔහුගේ මිතුරෙකු බරපතළ තුවාල ලබා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *