BREAKING NEWS
Search

සිව්දෙනකුට මරු කැදවූ තෝරයායේ බස් අනතුර ගැන ඇසෙන අලුත්ම ආරංචිය

2255

සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා සැකකරුවන් දෙදෙනාගේ රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට නියෝග කළේය.

අනුව සැකකාර රියදුරන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප නියම කල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මාර්තු මස 20 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.

සැකකාර රියදුරන්ගේ රියදුරු බලපත‍්‍ර අත් හිටුවන නියෝගය මෝටර් රථ කොමසාරිස්වරයාට වාහාම යවන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ අරලගංවිල ජයමුතුගම නිශ්සංක සඳරුවන් සහ මැල්සිරිපුර දඹුල්ලේ ජී.රනිල් සංදීප නැමැති දෙදෙනෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *