BREAKING NEWS
Search

වෙඩි ප්‍රහාරයකින් අයෙක් මරුට

4511

පෞද්ගලික ගොවිපලක් තුළ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසනවා.

දෙහිඅත්තකණ්ඩිය, මුවපැටිකේවල, හුලංබඳනාගල ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වීරකැටිය, එතරම්දෙනිය, කිරාවේල ප්‍රදේශයේ පදිංචි 35 වියති අයෙක්.

ඊයේ (22) මෙම අනතුර සිදු වී ඇති අතර තුවාලකරු දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි දෙහිඅත්තකන්ඩිය පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *