ගණේමුල්ල සංජීවගේ අධිකරණ වෛද්‍ය වාර්තාව එලියට ආ පුදුම හිතෙන කතාව

6454

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීවගේ සිරුරේ බාහිර රුධිර වහනයක් සිදුව නැතත් ඔහුගේ පපුව ප්‍රදේශයට වැදුණු වෙඩි උණ්ඩ තුනක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයකින් මරණය සිදුව ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී ඇත.

අධිකරණ වෛද්‍ය විශේෂඥ දිලංග බලල්ල මහතා විසින් පසුගිය 20 වන දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය සංජීව නමැත්තාගේ දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ මව සහ වැඩිමහල් සහෝදරිය පමණක් සහභාගී වූ අතර, ඔහුගේ බිරිඳ එම අවස්ථාවට පැමිණ සිටියේ නැත.

අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව මෙම වෙඩි තැබීම ඉතා සමීපව සිට සිදුුකර ඇති බවට නිරීක්ෂණ ඉදිරිපත්ව ඇත.

කෙසේවෙතත් අධිකරණ නියෝගයකට අනුව, මියගිය සංජීවගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත භාර දෙන ලද අතර, 21 වැනිදා පෙරවරුවේ සිට එහි තැන්පත් කර තිබි සවස භුමිදානය කෙරිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *