BREAKING NEWS
Search

කොලෙස්ටරෝල් මට්ටු කරන බෙහෙත මෙන්න

2517
මේ රෝගය නිසා වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙනවා..

වත්මන් සමාජයේ ඇති සෞඛ්‍ය ගැටළු අතරින්, රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) වැඩිවීම සැලකිය යුතු ගැටළුවක්..

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට ශරීරයේ බර වැඩිවීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ…

මක්නිසාද, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම අධික බර, තරබාරු, සාමාන්‍ය බර ඇති අයගේ මෙන්ම, ඇතැම්විට බර අඩු අයගේද දක්නට ලැබෙන්නක්..

මේ කියන්න යන්නේ අන්න ඒ රෝගය පහසුවෙන්ම මට්ටු කරගන්න ඔබට නිවසේදීම සාදාගන්න පුළුවන් අත්බෙහෙතක් ගැන කතාවක්..

කොලෙස්ටරෝල් පාලනයට නිවෙසේදීම සෑදිය හැකි අත් බෙහෙත් රැසක් මෙන්න…

1. කරපිංචා, ගොරකා, සුදුලූනු, සියඹලා, උළුහාල් කළුදුරු සම ප්‍රමාණයෙන් ගෙන හීනියට අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් දිනපතා ආහාරය සමඟ ගත යුතුය. අවශ්‍ය නම් මෙයට මින්චි කොළ ටිකක් ද එක් කළ ගත හැකිය.

2. කුරුඳු පොතු, කළුදුරු සම ප්‍රමාණයෙන් ගෙන කුඩු කර මේස හැන්දක් වතුර පත දෙකකට දමා එක පතකට හින්දවා ගෙන පානය කළ හැකිය.

3. උළු හාල්, සුදු ලූනු, බෙලි කොල, ගැට තුඹ මුල් සහ නිදිකුම්බා මුල් ස්වල්පයක බැගින් ගෙන තම්බා උදේ හවස බීමට ගත හැකිය.

4. වියළි බෙලි කොළ ග්‍රෑම් 50ක්, කරපිංචා කොළ ග්‍රෑම් 50ක් සහ වී පොරි ග්‍රෑම් 50ක් එක් කොට කුඩු කර තේ වෙනුවට පානය කළ හැකිය.

5. ගොනිකා කොල, යකිනාරං කොළ , හින් බෝවිටියා, ගැට තුඹ මේ ආදියේ කැඳ සාදා බීම සුදුසුයි.

අපේ උදරය නිරන්තරයෙන් අලුත් විය යුතුයි… එනිසා රුධිරය පිරිසුදු වන හොඳ විරේක කර්මයක් මාස තුනකට වරක් හෝ කිරීම ඉතාම වැදගත්..

ආහාර ජීර්ණය නිසියාකාරව සිදු වීම සඳහාද නිසි ප්‍රතිකර්මවලට යොමු විය යුතුයි…

පැරැණි සමාජයේ කෑම පිසිද්දී කංසා කොළයක් දෙකක් එකතු කිරීමේ පරමාර්ථය වූයේ මේදය ජීර්ණය කිරීම පහසු කිරීමයි.. වර්තමානයේදී ඒ වෙනුවට සූදුරු, මාදූරු, කොත්තමල්ලි, ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, වසා වාසි, ඉඟුරු පියලිය, රම්පේ හා කරපිංචා නිසි පමණින් යොදා ආහාර පිසීමද ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *