සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

258

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ  සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත

ඒ අතර වෙඩික්කරු,  පලායාමට යොදාගත් වෑන් රථයේ රියදුරු ,සහ වෙඩික්කරු අධිකරණය අසලට රැගෙන ආ මෝටර් රථයේ රියදුරද වන බව පොලිසිය කියයි

අතුරුගිරිය ‍පොලිසියේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙනඇත්තේ වෙඩික්කරුට වෑන් රථය ලබාදීම සම්බන්ධයෙන්ය

එම වෑන් රථයේ චැසි හා එන්ජින් අංකයන් ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බවට මේ වෙන විට තහවුරුවී ඇත

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පන්නිපිටිය කොට්ටාව පදිංචිකරුවෙකි ඔහු 37 හැවිරිදි ය

අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *