අලුතින්ම මිලදී ගන්නා ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
David Pieris Motor Company (Pvt) Ltd සිය වෙබ් අඩවිය තුළ මෙම නව මිල ගණන් දැක්වෙනවා.
ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ප්‍රකාශ කළේ ඔවුන් සතුව දැනට නවතම වාහන තොගයක් නොමැති නමුත් දැන් වෙන්කරවා ගැනීම් සඳහා විවෘත බවයි.
වෙනත් පුවත්
උද්ධමනයේ පහළ යාමක්
2025 ජනවාරි මාසයට අදාළව ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0%ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ -2.9% සිට -5.2% ක් දක්වා කැපීපනෙන ලෙස පහළ ගොස් තිබෙන බව එම වාර්තාවෙන් පෙන්නුම් කරනවා.
කෙසේ නමුත් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය මෙම අගය වාර්තා වූයේ -2.0%ක් ලෙසින්.
















