ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ සැකකාරිය එකට පෙනී සිටින ඡායාරූපයක් මේ වන විට නිකුත් වී තිබෙනවා.
පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ගණේමුල්ල සංජීව නැමැති පුද්ගලයා වෙඩිතබා ඝාතනය කළා.
මේ අතර ඔහුගේ දේහය මේවනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබෙනවා.
දේහය සම්බන්ධව අවසන් කටයුතු පිළිබඳව තොරතුරක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.
ඊයේ (20) දිනයේදි කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් නියෝග කරනු ලැබුවේ ඝාතනයට ලක් වූ ගණේමුල්ල සංජීවගේ දේහය භූමදානය කරන ලෙසටයි.
එමෙන්ම, දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් පවත්වා, මෘත දේහය ඔහුගේ මවට භාරදෙන ලෙසයි නියෝග කෙරුණේ.
ඒ අනුව ඊයේ (20) පැවති මරණ පරීක්ෂනයෙන් අනතුරුව ඔහුගේ දේහය ඥාතීන් වෙත භාරදෙනු ලැබූ අතර අවසන් කටයුතු සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකට ගෙනයනු ලැබුවා.





















