රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ සිද්ධියත් එක්ක ඇසෙන ඒ කතාව ගැන අනිවාර්‍යයෙන්ම ඔබත් දැනගන්න කැමති ඇති..
ඒ මීගමුව කොච්චිකඩේ රිදීවැලි පාර ප්‍රදේශයේ දමා ගොස් තිබියදීයි.
වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබා දුන් තොරතුරුවලට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබුවේ.
මේ අතර, ගනේමුල්ල සංජීවගේ දේහය ඔහුගේ මවට මුදාහරින බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.
ඔහුගේ මරණ පරීක්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාට ඊයේ නියෝග කළ අතර, කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේදී එය සිදු කර තිබුණා.
ඒ අනුව, දේහය බොරැල්ල කනත්තේ භූමිදානය කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.
එමෙන්ම, ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුව ලබාදී ඇත්තේ ද අපරාධ කල්ලි පාර්ශවයක් විසින් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ කොස්තාපල්වරයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ වෙඩිතැබීම සදහා නිතීඥවරියක ලෙස වෙස් වලාගෙන පැමිණ මේ වන විට අතුරුදන්ව සිටින කාන්තාව සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා මතයි.
අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරියා අධිකරණ කටයුතු භාරව සිටි අයෙකු බවටයි හෙළි වී ඇත්තේ.
මේ අතර, ගනේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරු සහ පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රථය පැදවූ රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී වෙත දැනුම් දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහරගම ප්‍රදේශයේ පදිංචි සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි සහ රියදුරු වශයෙන් කටයුතු කළ මොරගහහේන – මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන යන අය අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත හැක්කේ අදාළ පනතේ සඳහන් වන ආකාරයේ සුවිශේෂී පුද්ගලයකු මරණයට පත් කළ අවස්ථාවක හෝ සාක්ෂිකරුවකු මරණයට පත් කළ අවස්ථාවක පමණක් බව සඳහන් කර සිටියා.
එහෙත් මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කළ නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම සිද්ධියෙන් මරණයට පත්වී තිබෙන්නේ අපරාධ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවත් මේ හේතුවෙන් සිය සේවාදායකයාට ජීවිත අනතුරක් වර්ධනය වෙමින් පවතින බවද පෙන්වා දුන් නීතිඥවරයා කියා සිටියේ සැකකරු විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ බව අධිකරණය දැනුවත් කළ යුතු බවයි.
මේ අතර, අලුත්කඬේ උසාවි සංකීර්ණයේ අධිකරණ මැදිරිය තුළ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ, දැනට ඩුබායි හී සැගව සිටින සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්දුනි පත්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා බව, දැනට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම ඝාතනය මෙරට සිට සැළසුම් කර ඇත්තේ, වෙඩික්කරුට ගිනිඅවිය ලබාදුන් නීතිඥවරියක් ලෙසින් අධිකරණයට පැමිණි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නැමති මීගමුව – කටුවැල්ලේගම – ජය මාවත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාව බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
ඇය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටියේ ඇයගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කරමින්.
ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් පොලිසිය ලබාදුන් තොරතුරුවලට අනුව දැක්වෙන මීගමුව – කටුවැල්ලේගම ලිපිනය සදහන් නිවස වෙත හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් ගිය අතර එහිදී නිවසේ රැදී සිටි සැකකාර කාන්තාවගේ මිත්තණිය බව පැවසෙන කාන්තාවක මෙලෙස අදහස් පළකළා.
මේ අතර, දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප‍්‍රශ්න කෙරෙන ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කර තිබුණා.
ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ට මෙම ඝාතනය සදහා රුපියල් කෝටි එකහමාරක මුදලක් ලබා දීමට පොරොන්දු වූ බවයි.
ඝාතනයට පෙර ඉන් රුපියල් ලක්ෂ 2ක මුදලක් තමන්ට ලැබුණු බවටද ඔහු සදහන් කර තිබෙනවා.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ලබා දෙන කොන්ත්‍රාත් මත මුදලට පුද්ගල ඝාතන සිදු කර තිබෙනවා.
ඒ අනුව, මොහු පසුගියදා ගල්කිස්ස – වටරප්පල ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත වෙඩික්කරු ප්‍රකාශ කර ඇත්තේ, තමන් සහ ගිනිඅවිය ලබාදුන් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළක සිට ඝාතනය සදහා පැමිණි බවයි.
පසුව ඝාතනය සිදු කොට දෙදෙනාම මරදාන ප්‍රදේශයට පැමිණ ත්‍රිරෝද රථයකින් මීගමුව ප්‍රදේශයට පැමිණි බවත් අනතුරුව තමන් සහ කාන්තාව වෙන්වුණු බවත් වෙඩික්කරු පාපොච්චාරණය කර තිබුණා.

















