රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය පවසනවා..
තම ගෙවත්ත අසලට පැමිණි අලියා අසල්වැසියකු සමග එළවද්දී මගට ගොස් ආපසු හැරී පිටුපසින් පැමිණි අලියා මෙම පහරදීම සිදුකළ බව මියගිය අය සමග අලි එළවීමට ගිය අසල්වැසියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබෙනවා..
බරපතල තුවාල ලැබූ සාලිය රත්නායක මහතා මහදිවුල් වැව ප්‍රාථමික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දී ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණි…


















