BREAKING NEWS
Search

සියල්ලම අවසානයේ ගණේමුල්ල සංජීවගේ නිසල දේහය මල් ශාලාවට (වීඩියෝ)

1993

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුලදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීවගේ දේහය මීට සුළු මොහොතකට පෙර බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.

ඒ මරණ පරීක්ෂණයෙන් පසු අධිකරණ නියෝග මත දේහය ඔහුගේ මව වෙත බාරදීමෙන් අනතුරුවයි.

වෙඩි තබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ මරණ පරික්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද (20) පස්වරුවේ නියෝග කරනු ලැබුවා.

ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ දී මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර, අධිකරණයෙන් වැඩිදුරටත් නියෝග කෙරුණේ ජීවිතක්ෂයට පත්වූ ගණේමුල්ල සංජීවගේ දේහය භූමදානය කරන ලෙසයි.

දේහය මල් ශාලාව වෙත ගෙන යාමේ වීඩියෝව පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *