BREAKING NEWS
Search

වෙඩි වැදුණු ගණේමුල්ල සංජීවගේ දේහය ගැන ගත් තීරණය මෙන්න

726

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වෙඩි තබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ මරණ පරික්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ දී මරණ පරීක්ෂණය සිදු කෙරෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, ඔහුගේ දේහය භූමදානය කිරීමටයි අධිකරණය විසින් නියෝග කර ඇත්තේ.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මෘත දේහය ඔහුගේ මව වෙත බාර දීමට නියමිතව පවතින බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

වෙනත් පුවත්

පොලිතීන් – ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක්

පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්‍ර කිරීමට පියවර ගෙන තිබේ.

පොලිතීන් සහ ප්ලාස්ටික අනිසි භාවිතයෙන් වන ව්‍යවසනය පිළිබඳව නිස්පාදකයන්, වෙළෙඳසැල් හිමියන්, එම කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය හිමිවන බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වැඩසටහන ආරම්භ කරමින් පරිසර පොලිසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සහයොග්ය ද ඇතිව කොළඹ පිටකොටුව ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *