BREAKING NEWS
Search

පාසැල් කිහිපයක් වසා දැමීමට තීරණයක්

1526

මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 27 වනදා උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වසා තැබෙනු ඇති.

එම නිවාඩු දිනය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වෙන බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

වෙනත් පුවත්

තායිවානය, අමෙරිකාව සමග මහා පරිමාණ යුධ ගනුදෙනුවක

තායිවානය, අමෙරිකාවෙන් ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ මිලදී ගැනීම පිළිබඳව ගවේෂණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා තායිවාන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරන්නේ, චීනය තායිවානයට එල්ල කරන හමුදාමය මැදිහත්වීම සහ පීඩනය අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් නව ට්‍රම්ප් පරිපාලනයේ සහාය දිනා ගැනීමට තායිවානය අපේක්ෂාවෙන් සිටින බවයි.

ඒ අනුව මෙම අවි ගනුදෙනුව සම්බන්ධයෙන් මේවනවිටත් තායිවානය සහ අමෙරිකාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ද වාර්තා කර තිබුණා.

මෙම ආයුධ පැකේජය තායිවානය තම ආරක්ෂාව සඳහා කැපවී සිටින බව එක්සත් ජනපදයට ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන බව එක් මූලාශ්‍රයක් බව සඳහන් කරන එම වාර්තා දෙවැනි මූලාශ්‍රයක් උපුටා දක්වමින් පවසා තිබුණේ, පැකේජයට වෙරළබඩ ආරක්ෂක කෲස් මිසයිල සහ HIMARS රොකට් ඇතුළත් වන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *