BREAKING NEWS
Search

දසුන් ශානකට ලක්‍ෂ 30ක දඩයක්

228

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දසුන් ශානක අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභාගි වීමට වරදකරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 30 ක දඩයක් පනවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් වන දසුන් එසේ නිසි අවසරකින් තොරව ඩුබායි ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම විනය කඩකිරීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

වෙනත් පුවත්

කොළඹ-මඩකලපුව දුම්රිය ධාවනය සීමා කරයි

මීනගයා දුම්රියේ වන අලි ගැටීම හා දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටූව සිට ගල් ඔය දක්වා සහ මඩකලපුව සිට හිගූරක්ගොඩ දක්වා සීමාකර කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

දුම්රිය එන්ජිමේ ගැටූණූ වන අලින්ගෙන් දෙදෙනෙකු පමණ එන්ජිම යට හිරවීම නිසා එන්ජිම පීලිගත කිරීමද ප්‍රමාද වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

මේ අතර අද අළුයම මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ පුලතිසි දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවත් ඔහු පැවසූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *