BREAKING NEWS
Search

ගනේමුල්ල සංජීවගේ ඝාතකයා රැගෙන ගිය වෑන් රථයේ රියදුරු ගැන අලුත්ම ආරංචිය මෙන්න

6039

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පළායෑමට සහාය වූ වෑන් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අද (20) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසීය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඊයේ උදෑසන ඝාතනයට ලක්වුණි.

පසුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ප්‍රධාන සැකකරුව ද ඊයේ (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණ ඝාතකයාට සහාය ලබාදුන් කාන්තාව සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් හෝ තර්ජනයක් නොමැති බවත් ඊයේ දිනයේ සිදුව ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයින්ගේ ක්‍රියාවන් පමණක් වන බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *