BREAKING NEWS
Search

රනිල් මැතිසබයට ?

1894

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල්  වික්‍රමසිංහ මහතා  මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

එම පක්ෂයේ  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන්  අයෙකු ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සදහා  අවස්ථාව සලසා දෙනු ඇතැයිද   එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වික්‍රමසිංහ මහතා සමඟ  සම්බන්ධ වීමට අදහස් කරගෙන සිටින බව  වාර්තාවේ.

විවිධ පාර්ශ්ව  පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස  රනිල් වික්‍රමසිංහ මහතාට දැනටමත්  යෝජනා කර ඇත.

රනිල් වික්‍රමසිංහ  මහතා පසුගියදා ගාල්ල ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදීද ජනතාව   පාර්ලිමේන්තුවට පැමිණ ජනතා සේවයට එක් වන්නැයි ඔහුගෙන්   ඉල්ලීමක් කළහ. මේ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා “පොඩ්ඩක් ඉවසලා ඉන්න”  යනුවෙන්  ප්‍රකාශ කර තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *