ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ජනප්‍රිය ගී රැසක් සිංහල ගීත කලාවට එක් කළ ඇය රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ ගීත රැසක හිමිකාරියකි.
ඒ අතරින් සෙන්කඩ ගලපුර දළදා බුදු රැස්, ඔන්න බබෝ ඇතින්නියා. බැද්ද පුරා,රන්සඳ මඬලක් සේ ,සුගත තථාගත හිමියනි, රන්දොරින් එන්න ආදරේ, අනෝතත්තවිල නෙළුම නෙළාලා, ආදර චාරිකා,නිසල නිසසල අම්බිලියෝ, ඔන්න බබෝ, පින්න මල් පිපී ,හිරු කුමරුනි,මේ උදාර ලංකා භූමියයි කන්ද උඩින් හඳ පායන ලීලා එම ගීත වලින් කීපයකි.
වෙනත් පුවත්
ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ
තනි සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දැක්විය නොහැකි යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“අධිකරණයේ වූ අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා.පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා.මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා.ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා.ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්.විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.
මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා යැයි අමාත්‍යවරයා පැවසීය.


















