BREAKING NEWS
Search

මදුරුවෝ 5 කට හිතාගන්නවත් බැරි ගානක්. මදුරුවන් මරා හෝ පණ පිටින් අල්ලාගෙන එන අයට මුදල් තෑගි

476

පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, මදුරුවන් මරා හෝ පණ පිටින් අල්ලාගෙන එන පුද්ගලයන්ට මුදල් තෑගි පිරිනැමීමටය.

ඒ අනුව, මරා හෝ පණපිටින් අල්ලා ගෙනැවිත් දෙන මදුරුවන් පස් දෙනකු වෙනුවෙන් පිලිපීන පේසෝ 1 ක මුදලක් පිරිනැමීම සිදුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වාර්ෂිකව ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවන ආසියානු රාජ්‍යයක් ලෙස පිලිපීනය පිළිගැනෙයි.

2023 වසරේදී පිලිපීනය දරුණු ලෙස ඩෙංගු වසංගතයකට මුහුණ දුන්නේය. 2023 වසරේ ඩෙංගු රෝගීන් 167,355 දෙනකු සහ මරණ 575 ක් වාර්තා විය.

(එන්.ඩී.ටීවී.)

වෙනත් පුවත්

නව පළාත් පාලන ආයතන රැස්වන දිනය ගැසට් කරයි

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනිදා සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට්ටුවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ.

252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා විසින් මෙය නියමය කර ඇත.

ඒ අනුව මහා නගර සභා 27ක් නගර සභා 36ක් සහ ප්‍රාදේශිය සභා 274 ක් ඇතුළත් පළාත් පාලන ආයතන 337 ක් සදහා මෙම ගැසට් නිවේදනය බල පැවැත්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *