BREAKING NEWS
Search

6 කට මරු කැදවූ බිහිසුණු දුම්රිය අනතුර

807

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මඩකලපුව සිට කොළඹ දක්වා අද අලුයම ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ  ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ  අලි රංචුවක් ගැටීමෙන්, අලි හය දෙනකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.

වන අලි දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර වන අලි රංචුව ගැටිමෙන් දුම්රිය එන්ජිමද පීලි පැන ඇති බව, ඒ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන හබරණ පොලිසිය සඳහන් කරයි.

දුම්රියේ ගමන් කළ මගීන් කොළඹ සිට පැමිණි වෙනත් දුම්රියකින් කොළඹ බලා රැගෙන යාමට කටයුතු කර ඇති අතර මීනගයා දුම්රිය එන්ජිම පමණක් ඉවත්කර මඩකලපු දෙසට ගමන් කිරීමට කටයුතු සලසා තිබේ.

පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇති අතර ගල්ඔය මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරියෙක් සඳහන් කළේය.

එම ස්ථානයට ගල්ඔය පොලිස් මුරපලේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් විසින් ආරක්ෂාව සපයා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *