BREAKING NEWS
Search

මිද්දෙණියේදී දරුවන් දෙදෙනාටත් මරු කැඳවමින් එළොව යැවූ කජ්ජා දේශපාලන පක්ෂ කීපයක් සමග සමීප සබඳතා පැවැත්වූ අයෙක්… රටම කැළඹූ ඝාතනයේ ඇත්ත නැත්ත මෙන්න…

1437

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මිද්දෙණිය ගල්පොත්තයාය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැති මෙම පුද්ගලයා ඉලක්කර ඊයේ රාත්‍රි 10.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.
ඔහු තම දරුවන් තිදෙනාද සමග යතුරු පැදියෙන් රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකට ගොස් තිබෙනවා.

රාත්‍රි ආහාරය සූදානම්කරන තුරු ඔහු සිය වැඩිමහල් දරුවා එම ස්ථානයේ නවතා අවුරුදු හයක් වයසැති දියණිය සහ අවුරුදු 7ක් වයසැති පුතා සමඟ යතුරු පැදියෙන් වෙනත් වෙළෙඳ සැලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සහ දරුවන් දෙදෙනා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එම වෙළෙඳ සැලට ගොස් යළි එමින් සිටි අතරවාරයේයි.
වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය 9 කණුව අසළදි මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබු බවයි.

වෙඩි වැදීමෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා එම ස්ථානයේදීම මියගියා.

අවුරුදු 6ක් වයසැති ඔහුගේ දියණිය ද මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අතර, ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 7 හැවිරිදි පුත්‍රයාද ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කළ අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මරුකර යැවුණා.පසුව ඔහුද මිය ගියා.
පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් මියගිය අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාට කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් පවතින බවයි.

ඔහුට වෙඩි වැදුණු ස්ථානයේ තිබී මාංචු කුට්ටම් දෙකක් ද සොයාගත් අතර, මීට පෙරද ඔහු මාංචු කුට්ටමක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

මියගිය අරුණ විදානගමගේ නමැත්තා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟම සමීපව සබඳකම් පැවැත්වූ අයෙක් ද වනවා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *