ජාතික ආරක්ෂාව සහ බදු ක්‍රමය රට තුළ තහවුරු කරන තුරු ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයින් ගෙන්වා ගත නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද උදෑසන කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඇතුළත ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව අදහස් දක්වමින් මේ බව පැවසීය.රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති නිසා මෙවර අයවැයෙන් ජාතික ආරක්ෂාවට වැඩි මුදලක් වෙන් නොකළ බව වත්මන් රජයේ මන්ත්‍රීවරියක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසූ බව ද ඇය එසේ පවසද්දී අද අලුයම මිද්දෙණිය ප්‍රදේශයේදී පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ඝාතනය කර ඇති අතර ඉන්පසු දහවල් අලුත්කඩේ උසාවි සංකීර්ණ ඇතුළත වෙඩිතැබීමක් සිදුකර ඇතැයිද පැවසීය.
ආණ්ඩුව පාතාලය මර්දනය කරන ආකාරය දැනගැනීමට අවශ්‍ය නැති බවත් එය ප්‍රසිද්ධ නොකරන ලෙසත් තමා ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මහතා කීවේය.
අද නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වෙන අතරේදී නීතීඥ වෙස්ගෙන දෙදෙනෙක් උසාවිය තුළට ඇවිත් වෙඩිතැබීම් සිදුකරන බවත් මෙවැනි සිද්ධීන් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට අයෝජකයින් කිසිදිනෙක ලංකාවට එන්නේ නැති බවත් කීවේය.
පසුගියදා මුළු රටේම විදුලිය බිඳවැටීමට හේතුව වඳුරෙක් බව අමාත්‍යවරයෙක් කළ ප්‍රකාශය ද ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රචාරයවීම අවසන් වන විට මෙලෙස ඝාතන සිද්ධීන් වාර්තාවීම රටට හිතකර නැතැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


















