BREAKING NEWS
Search

චිත්‍රපට දර්ශන මැවූ වෙඩික්කරු සුක්ෂමව තුවක්කුව රැගෙන ආ හැටි

2686

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා ග්‍රන්ථයක් තුළ ඉතා සූක්ෂම ආකාරයෙන් ගිනිඅවිය රඳවා ගෙන ආ බවට තොරතුරු හෙළි වී තිබේ.

අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න ඔහුට එරෙහිව විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙනවිත් තිබුණි.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලීසියේ ආරක්ෂාව මධ්‍යයේය.

පසුව ඔහු රැගෙන ගොස් තිබුණේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළටයි.

එහි විත්තිකූඩුව තුළදීම ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාරය සඳහා යොදාගත් රිවෝල්වරයද විත්ති කූඩුව අසළ දමාගොස් තිබියදී සොයාගැනුණි.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ ගණේමුල්ලේ කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගියේය.

කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *