BREAKING NEWS
Search

ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ පුද්ගලයා ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න

5001

ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

මේ වන විට පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරයේ උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අපරාධකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවය.

අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් එම තැන්වලම සිට විමර්ශන සිදු කරන අතර කිසිදු අයකුට අධිකරණ භූමියෙන් එළියට ඒමට නොහැකි අතර අධිකරණ භූමියෙන් පිටත සිටින පුද්ගලයන්ට ඇතුල්වීමද පොලිසිය මගින් වළක්වා ඇත.

සියලු අධිකරණවල නඩු විභාග කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමටද කටයුතු කර ඇත.

සිද්ධිය උදෑසන සිදුවූ අතර මේ වන විට ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස්‌ කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියේය.

පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන මේ වන විට ආරම්භ කරඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *