BREAKING NEWS
Search

ඊශ්‍රායල් යන්න බලාගෙන ඉන්න ඔබට සුභ පණිවිඩයක්

347

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2025 වසරේ දී ශ්‍රි ලාංකිකයින් 2000කට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජනවාරි සිට මේ දක්වා ලාංකිකයින් 148 දෙනකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පෙබරවාරි 24 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 155 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 17 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශයේදී සිදුවූ අතර ඊට කාන්තාවෝ 15 දෙනෙක් හා පිරිමි දෙදෙනෙක් අයත් වෙති.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2038 දෙනෙකු හට හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *