මේ බලන්නකෝ කෙල්ලෙක්ට විහිළු කරන්න ගිහින් වෙච්ච වැඩක්..
ආයේ නම් කවදාවත් පාරක කෙල්ලෙක්ට මේ වගේ විහිළු කරන එකක් නැහැ..
උපකාරක පන්ති නිමවී බස් නැවතුමේ කරක් ගැසූ සිසුන් තිදෙනාට පාසල් පන්ති කාමරයේදී හෝ උපකාරක පන්තියේදී ඉගෙන ගැනීමට නොහැකිවූ පාඩමක් ඉගෙන ගන්නට නගර මැදදීම අවස්ථාව ලැබෙනවා..
මේ අන්න ඒ කතාව ගැන ඇසෙන කතාවක්.. උපකාරක පන්තිය නිමවූ මේ කොල්ලන් තිදෙනා එදා පස්වරුවේදී නගරයේ බස් පොළට ගියේ නිවසට යාමටයි.. නිවසට ගියත් කරන්න දෙයක් ඉතිරිව නොතිබූ බැවින් ඔවුන් තිදෙනාම බස් පොළේ සිටියේ නිකමට මෙන් වුවත්, බස් පොළට එන කෙල්ලන් දිහා බලා පමණක් නොව ඔවුන්ට උසුලු විසුළු කොට මේ තිදෙනා අපමණ සතුටක් ලැබුවා…
ඇඟට හිරවෙන්න ඩෙනිම් කලිසමක් ඇද ඊට ගැළපෙන කෙටි ටී ෂර්ට් එකක් ඇද අව් කණ්ණාඩික් පැලැඳ සිටි තරුණියක කොල්ලන් තිදෙනාට දිස්වූයේ මේ අතරයි.. මේ කෙල්ල සිටියේ පැත්තට හැරී ජංගම දුරකතනයට කොට කොටායි.. මේ කෙල්ල රූමත් එකියකයයි කොල්ලෝ තිදෙනාම පූර්ව නිගමනයකට පැමිණ සිටි බැවින් ඇයට විහිළු කිරීමට ඔවුහු පටන් ගත්තා..
අහක බලං ඉන්නේ නංගි ඇයි අපි කලුද යයි තව එකෙක් ඇසුවේ ඒ අතරයි..
එයින් නොනැවතුණු ඔවුන් ගෙන් එකෙක් කෙල්ලට ෂූ ෂූ ගෑවා… තව එකෙක් තමාගේ ලිපිනය සහිත කොල කෑලි ඔතා ඇයට දමා ගැසුවා… ජංගම දුරකතන අංකය ලියා කෙල්ලට දමා ගැසූ කොල්ලෙකු ද ඒ අතරයි.. කොල්ලන්ගේ මේ විකාරය ඉවසීමට බැරිවූ තැනම කෙල්ල ඔවුන් සිටි පැත්තට හැරුනා… ඒ හොදවයින් දෙකක් කීමටයි…
මේ කෙල්ල තමාට විහිළු කළ කොල්ලන් හඳුනා ගත්තා…
දෙයියනේ මේ තමා ළඟදී පළමු පත්වීම ලෙස ගිය පාසලේ සිසුන් තිදෙනෙකුයි… ඇය පැලඳ සිටි අව් කණ්ණාඩිය ගලවා ඔවුන් ළගට ගිය විට අප්පට සිරි මේ අපේ ඉස්කෝලෙට අලුතෙන් ආ මිස් නේ යයි කියමින් කොල්ලන්ගේ දෑස් උඩගියේ ගත් හුස්ම පහළට දමා ගැනීමට නොහැකි ආකාරයට ගල් ගැසීමෙන්…
හා හෙට ඉස්කෝලේ එනවා නම් අනිවාර්යයෙන්ම අම්ම හරි තාත්ත හරි එක්කන් එන්න ඕන යයි කීවිට මේ කොල්ලන් තිදෙනාටම උතුර දකුණ මාරු වුණා.. මිස් ගෙන් තමන් කළ වරදට සමාව ඉල්ලුවත් මිස් ඒ තද තීරණයේම සිටියේ කොල්ලන්ට පාසල් පන්ති කාමරයේදී හෝ උපකාරක පන්තියේදී මෙවන් පාඩමක් කවදාවත්ම ඉගෙන ගැනීමට නොහැකිවූ නිසා වෙන්නට ඇති..
















