පසුගිය ජනවාරි 07 වැනිදා මත්පැන් මිල වැඩිකිරීම සිදුකළ බැවින් නැවතත් මිල වැඩිවීමක් සිදු නොකරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා පවසනවා.
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ඔහු පැවසුවේ, වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය සේවකයින් අභිප්‍රේරණයෙන් යුතුව ඉදිරියේ දී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර නීති විරෝධී මත්පැන් සියල්ල මර්දනය කර රාජ්‍ය ආදායම වැඩිකිරීම වෙනුවෙන් පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිල් ජනරාල්වරයා,
“මේ වතාවේ මිල වැඩිවීමක් සිදුවන්නේ නෑ. ජනවාරි මාසේ 7 වනදා ඒ වැඩිවීම වුණා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දාලා තියෙන්නේ. වෙනත් වැඩි වීමක් මේ වතාවේ වෙන්නේ නෑ. මේ වසරේ සිට රාජ්‍ය සේවයේ වැඩි කිරීමක් සිදු කිරීමට ජනාධිපතිතුමා අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. එකෙන් ඵලදායි රාජ්‍ය සේවයක් එතුමා බලපොරොත්තු වෙනවා. වැටුප් වැඩි කිරීමෙන් සේවක තෘප්තිය වැඩි වෙලා අභිප්‍රේරණයෙන් යුතුව රාජකාරි කරන්න එය අපට පිටුවහලක් වෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා මේ රටේ තියන නීති විරෝධී මත්පැන් සියල්ල මර්ධනය කරන්නත් රජයේ ආදායම වැඩි කරන්න පුළුවන් විදියට රජයේ අනුමත මත්පැන් සහ දුම්වැටි වෙළදාමෙන් අපට ආදායම ලබා ගැන්න පුළුවන් විදියට කටයුතු කරන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි වැඩිදුරටත් පැවසුවා

















