BREAKING NEWS
Search

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් අතුරුදහන්. ගැබිණි මව්වරුන් හා අලුත උපන් දරුවන් අනතුරේ

1232

මන්නාරම මහ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට අතුරුදහන්ව ඇති බව රෝහලේ පාලන අධිකාරිය පවසනවා.

ඔහු දින කිහිපයක සිට සේවයට වාර්තා කොට නොමැති අතර ඔහුගේ දුරකතනයද විසන්ධි කොට අති බවයි වාර්තා වන්නේ.

එම රෝහලේ සෙසු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ඔහු පාලන අධිකාරියට නොදන්වා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවට සාධක හමු වී ඇති බවයි.

නමුත් ඔහු ඒ බව පාලන අධිකාරියට දන්වා නොමැති බවයි පැවසෙන්නේ.

ඒ බව සනාථ කෙරෙන දුරකතන කෙටි පණිවුඩයක් එම විශේෂඥ වෛද්‍යවරයා විසින් මිතුරෙකුට යවා ඇති බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා නොමැතිකම නිසාත් ඔහු වෙනුවට කෙනෙකු හදිසියේ පත් කිරීමට නොහැකිකම නිසාත් ළමා වාට්ටුවේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පැවසෙනවා.

මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ගැබිණි මව්වරුන් හා අලුත උපන් දරුවන් මෙන්ම සෙසු ළමයින්ද වවුනියාව මහ රෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන තිබෙනවා.

මේ තත්ත්වය ප්‍රායෝගිකව දැඩි අසීරු කරුණක් වී ඇති බැවින් අලුතින් වෛද්‍යවරයෙකු පත් කරන තුරු වවුනියාව මහ රෝහලෙන් හෝ ළමා රෝග විශේෂඥ
වෛද්‍යවරයෙකුගේ සේවය මන්නාරම රෝහලට ලබා දෙන ලෙස මන්නාරම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *