එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
හෝමාගම මූලික රෝහලේ සේවා කටයුතු බිඳ වැටේ
හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, මේ වන විට වෛද්‍යවරුන් සහ රෝහලේ පාලනාධිකාරිය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව සදහන්.
එහිදී පැමිණෙන එකගතාවලින් අනතුරුව නැවත ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් රෝගීන් මේ වන විට දිගු පෝළිම්වල රැදී සිටින බව අප වාර්තාකරු සදහන් කළා.



















