BREAKING NEWS
Search

මේ පොඩි වෙනස කරන්න. කවදාවත් පර්ස් එකේ සල්ලි නැති වෙන්නේ නැහැ…

1254
පසුම්බිය සල්ලි පිරිලා තියෙනවා නම්… අපි හුඟාක් කැමතියි … නේද?
මේ පුංචි ඒත් වටිනා රහස් අනුගමනය කරල ඔබේ පසුම්බිය බලවත් කරගන්න…

මුදල් පසුම්බියක් තෝරගන්න විට නිතරම රතු හෝ කොළ පැහැයෙන් තෝරාගන්න.

රතු පැහැය ඔබවෙත මුදල් ආකර්ෂණය කරන අතර කොළ පැහැය ඔබේ මුදල් වර්ධනය කරයි.

කිසිම විටෙක ඔබේ මුදල් පසුම්බිය සම්පූර්ණයෙන්ම හිස් නොකරන්න.

එක් කාසියක් හෝ එහි ඉතිරිවීමට ඉඩහරින්න.

ඔබේ මුදල් පසුම්බියේ තඹ කාසි තිබීමෙන් ඔබගේ මුදල් තත්ත්වය ස්ථාවරවේ.

අනවශ්‍ය බිල් ආදියෙන් පසුම්බිය පුරවා නොගෙන එහි යම් හිස් ඉඩක් තියන්න.

එවිට ඒ හිඩස පිරවීමට මුදල් ඔබ වෙතට ඇදී ඒවි.

ඔබ මුදල්වලට දක්වන ගෞරවය ඔබේ පසුම්බිය දෙස බැලූවිට පැහැදිලිවම අවබෝධ කරගත හැකියි.

එනිසා කිසිම විටෙක අබලන්ව අවලස්සන වූ පසුම්බි භාවිත නොකරන්න.

ඔබ මුදල්වලට ගෞරව නොකරන තාක් කල් මුදල් ඔබට ආකර්ෂණය නොවේ.

නිතරම මුදල් නෝට්ටු දෙකට නවා පසුම්බියේ තැබීමෙන් මුදල් වියදම්වන වේගය යම් තරමකට අවම වේ.

ඔබේ මුදල් පසුම්බියට කුරුඳු කුඩු ස්වල්පයක් හෝ කුඩා කුරුඳු කැබලි කිහිපයක් දැමීමෙන් පසුම්බියේ මුදල් ආකර්ෂණ බලය වැඩිවේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *