ඒ ලග්ගල පොලිසියට ලද පැමිණිල්ලකට අනූව ක්‍රියාත්මක් වීමෙන්.
මෙසේ අතරමං වී ඇත්තේ එම් .ජි .නිළුපුල් සුජින්තක (13) හැවිරිදි දරුවා සහ ඔහුගේ මිත්තණිය වන (58) හැවිරිදි ඩබ්ලිව්. ජි රංජනී යන අයයි.
ඔවුන් කණ්ඩායම් 07කට බෙදී ඊයේ රාත්‍රී 01.00 පමණ වන තෙක් මෙම මෙහෙයුම සිදු කළත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිව තිබී නෑ.
පුද්ගලයන් 20 ක් පමණ පිරිසක් මේ සංචාරය සඳහා පොලොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ සිට පැමිණ තිබෙනවා.
පසුව රිවසටන් සිට පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණ ඇති අතර එතැනින් ආපසු බස් රථය කරා ගමන් ගැනීමට පිටත් වූ පසුවයි පාර සොයා ගැනීමට නොහැකිව අතරමං වී තිබෙන්නේ.
රෙඩ් බානා ඇල්ල කඳු වැටියේ සිටියදී සොයාගත් මේ දෙදෙනා කිලෝමීටර් 6ක් පමණ දුරක් කැළෑවේ ගමන් ගනිද්දී රැබොවිම නිසා දිය ඇල්ලක් ළඟ රාත්‍රිය ගතකර අති බවයි ලග්ගල පොලිසිය පවසන්නේ.
එම බිහිසුණු අත්දැකීම විස්තර කරන දරුවා,
ආච්චියි මමයි දිය ඇල්ල ලඟ ගල් පොත්ත උඩ තමා රෑ හිටියේ. ඒ වෙලාවේ වනඅලි 7 දෙනෙක් පමණ අපි ඉන්න කිට්ටුවටම ආවා. මම කීවා ආච්චිට ගසකට නගින්න කියලා. මමත් ඒ ගසට ගොඩවුණා. අලි අපි ඉන්න තැනට ඇවිත් ඉඳලා නැවත කැළෑවට ගියා. අපිට කරදරයක් කළේ නෑ. උදේ තමයි මේ මාමලා ආවෙි. රෑ අපිට ඇසුණා මේ මාමලා කැගහන ශබ්දය. අපි මොකද කරන්නේ ෆෝන් එකේ බැටරියත් බැස්සා අපි හිටිය තැන කුඩැල්ලන් හිටියා එවුන් අපේ කකුල්වල කාලා නිසයි ලග්ගල රොහලේ ඉන්න වුණේ. යැයි පැවසුවා.
මෙම මෙහෙයුම සඳහා පොලිසිය, යුද හමුදාව, වනජීවි නිලධාරීන් සමග ගම්වැසියන් 100 දෙනෙක් පමණ එක්ව සිටි බවයි පොලිසිය පැවසුවේ
















