BREAKING NEWS
Search

සුපිරි ගායිකාවක් හදිස්සියේ රෝහලට

389

සුපිරි පොප් තාරකාවක් වන ෂකීරා, හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උදරයේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය හදිසියේම රෝහල් ගත කර ඇති බවයි.

මෙම තත්ත්වයත් සමඟ පේරු – ලීමා හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් ද අවලංගු කර ඇති බව සඳහන්.

ඊයේ සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත යමින්, ෂකීරා සටහන් කර තිබුණේ තමන් සෙනසුරාදා රාත්‍රියේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් තවමත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන බවයි.
වෙනත් පුවත්

පුංචි ඡන්ද පනත තුනෙත් දෙකෙන් සම්මතයි

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන  පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන්  පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187 ක් ලැබිණ.

ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර ඡන්දය දීමෙන් වැළකුණු මන්ත්‍රීවරුද කිසිවකුත් නොසිටියහ.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ  පස්වරු 2.00 ට ආරම්භවී  සවස 7.00 දක්වා පැවැත්විණ.

විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20 කට ආසන්න පිරිසක් අදහස් දැක්වූහ.

පළාත් පාලන මැතිවරණය සඳහා මුලින් කැඳවු නාම  යෝජනා අහෝසි කිරීමට අදාළ සංශෝධනයක් සහ එම  යෝජනා භාර දුන් අපේක්ෂකයන්ගේ අප මුදල් නැවත ලබාදීමට අදාළ සංශෝධනයක් මෙම පනත් කෙටුම්පතට  ඇතුළත් විය. මෙම සංශෝධන ඇතුලත් කරන්නේ නම් එම සංශෝධන විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ  බහුතර විනිසුරුවරු සිය මතය ප්‍රකාශ කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පතට කථානායකවරයා සහතිකය සටහන් කිරීම අද හෝ හෙට සිදුකිරීමට නියමිතය.

පනත බලාත්මක වන්නේ එවිටය.

පනත බලාත්මක වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *